යුක්‍රේන ජනාධිපතිට කොරෝනා


යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කළා.
ඔහුගේ ශරීර උෂ්ණත්වය තරමක් ඉහළ ගොස් ඇති නමුත් වෙනත් අපහසුවක් නොමැති බව වාර්තා වනවා. ඒ බව ඔහු සිය ටෙලිග්‍රෑම් චැනලය ඔස්සේ ද සනාථ කළා.
යුක්‍රේනය මාර්තු මාසයේ ලොක්ඩවුන් කරන ලද අතර මැයි මාසයේදී එම සීමා යම් තරමකට ලිහිල් කිරීම ඇරඹුණා. එහෙත් සැප්තැම්බරයේදී නැවත රෝගීන් සංඛ්‍යාව ඉහළ යන්නට වීම නිසා මේ වසර අවසන් වනතුරු ලොක් ඩවුන් පියවර ක්‍රියාවට නගා තිබෙනවා.

Recommended For You

About the Author: Editor