සොලමන් දූපත් ෆේස්බුක් තහනම් කිරීමට සැරසීම පිටුපස චීනය වේදැයි සැකයක්


සොලමන් දිවයින් රාජ්‍යය ෆේස්බුක් තහනම් කිරීමට සූදානම් වනවා.
මේ පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කිරීමට එරට අගමැතිවරයා සැරසෙන බව වාර්තා වුණා.
රජය පවසන්නේ ෆේස්බුක් හේතුවෙන් රටේ තරුණ ප්‍රජාව සදාචාරයට නුසුදුසු දේ හුරුවන බවයි.


කෙසේ වෙතත් විපක්ෂය චෝදනා කර සිටින්නේ මෙය ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන පියවරක් බවයි.
එමෙන්ම චීනයේ බලපෑම ද මෙයට හේතු වූ බව ඇතැම් විචාරකයන් සැක පහළ කරනවා. සොලමන් දූපත් 2019 දී තායිවානයට ලබා දී තිබුණු පිළිගැනීම අහෝසි කර මහජන චීනය සමග සබඳතා ඇති කරගත්තා.

Recommended For You

About the Author: Editor