“ICC Awards of the Decade” සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ජයග්‍රාහකයින්


 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ලසිත් මාලිංග සහ රංගන හේරත් ගේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කෙරෙන “ICC Awards of the Decade” සඳහා යෝජනාවී තිබෙන බව වාර්තා වේ.
 ඡන්ද විමසීමකින් විවිධ අංශ ඔස්සේ දශකයක් තුළ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් දක්වා ඇති දක්ෂතා අනුව “ICC Awards of the Decade” හි ජයග්‍රාහකයින් තෝරා ගැනීමට නියමිතයි.
ඒ ඒ අංශවල හොඳම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව තෝරාගැනීම සඳහා 10%ක් ක්‍රිකට් ලෝලීන්ගේ ඡන්දය ද ඉතිරි 90% විශේෂඥ කමිටු සාමාජිකයින් විසින් ලබාදෙන ඡන්දය ද භාවිත කෙරේ.
නමුත් “ICC Spirit of Cricket Award of the Decade” ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා 100%ක්ම භාවිත කරනුයේ ක්‍රිකට් ලෝලීන්ගේ ඡන්දයයි.

Recommended For You

About the Author: Editor