කොවිඩ් වෛරස ආසාදිත පොලිස් නිලධාරීන් ගණන තවත් ඉහළ යයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් ගණන 1095 ක් දක්වාත් වෛරසය ආසාදනය වූ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් ගණන 256 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මේ අතර පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමග එය හුදෙකලා කර එහි සිටි පොලිස් නිලධාරීන් පිරිසක් නිරෝධායනයට යොමුකළ බවයි.


එමෙන්ම ආරච්චිකට්ටුව පොලීසිය ද තාවකාලිකව වසාදමා ඇති බවත් ආරච්චිකට්ටුව පොලිස් ස්ථානය නල්ලදරන්කට්ටුව ප්‍රජා ශාලාව තුළ තාවකාලිකව ස්ථාපනය කිරීමට පියවරගෙන තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Recommended For You

About the Author: Editor