
දකුණු කොරියාවේ පුද්ගලික දත්ත ආරක්ෂක කොමිසම විසින් සිය පරිශීලක දත්ත අන් පාර්ශවවලට විකිණීමේ වරදට ෆේස්බුක් සමාගම වෙත ඇමරිකන් ඩොලර් මිලියන 6.1 ක දඩයක් පනවා තිබෙනවා.
2012 මැයි සිට 2018 ජූනි දක්වා කාලය තුළ පුද්ගලයින් මිලියන 3.3 ක් දෙනාගේ දත්ත මෙසේ වෙනත් පාර්ශව වෙත ලබා දී ඇතැයි වාර්තා වනවා.
මෙහිදී සිදුව ඇත්තේ ෆේස්බුක් ගිණුම යොදාගෙන වෙනත් පාර්ශවවලට අයත් අන්තර්ජාල යෙදවුම් සඳහා සම්බන්ධ වන පුද්ගලයන්ගේ මිතුරු ලැයිස්තු පිළිබඳ එම පුද්ගලයන්ගේ කැමැත්තෙන් තොරව විස්තර අදාල පාර්ශව වෙත ලබා දීම යි.
මේ පිළිබඳ අපරාධ නඩුවක් පැවරීමේ අවකාශය පරික්ෂා කර බැලීම පිණිස බලධාරීන් වෙත මෙම විස්තර ලබාදුන් බව ද පුද්ගලික දත්ත ආරක්ෂක කොමිසම පවසනවා