උතුරු කොරියානු ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක් මීටර් තුනක් උස වැටකින් පැන පළා එයි


තමා පුහුණු වූ ක්‍රීඩාවෙන් උපරිම ප්‍රතිඵල නෙළා ගනිමින් මීටර් තුනක් උස වැටකින් පැන දකුණු කොරියාවට පළා ආ උතුරු කොරියානු ජිම්නාස්ටික් ක්‍රීඩකයකු පිළිබඳ වාර්තා වනවා.
ඔහු කොරියානු රාජ්‍යයන් දෙක අතර යුධ මුක්ත කලාපය හරහා මෙසේ පළා අවුත් තිබෙන්නේ නොවැම්බර් 3 වනදායි.


වයස අවුරුදු විසි ගණන්වල මුල සිටින්නකු වන ඔහු දකුණු කොරියානු අත් අඩංගුවට පත්ව තිබෙනවා. එහිදී තම කතා පුවත විශ්වාස නොකළ නිලධාරීන්ට එවැනි උස වැටකින් පැන සිය හැකියාව පෙන්වීමට ද ඔහු කටයුතු කළ බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කියා සිටියා.
උතුරු කොරියාවේ සිට ඉතිහාසය පුරාම 32,000 ක් පමණ දකුණු කොරියාවට පළා අවුත් තිබෙනවා. බොහෝ දෙනා පළා එන්නේ චීන – උතුරු කොරියානු දේශසීමාව හරහායි. මේ අතර මුහුදු මගින් පළා එන්නන් ද සුළු පිරිසක් සිටින අතර යුධ මුක්ත කලාපය හරහා පළා එන්නන් සිටින්නේ ඉතා විරලවයි. කිලෝමීටර් 4 ක් පමණ වන මෙම කලාපය දැඩි ලෙස ආරක්ෂා කෙරෙන, බිම් බෝම්බ ද අතුරා ඇති ප්‍රදේශයක් වනවා.

Recommended For You

About the Author: Editor