
රේගුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින කහ කන්ටේනර් 62 ක් නැවත ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
දඩ මුදලක් අය කරගෙන ඒවා ප්‍රති අපනයනය කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කරයි.
රඳවා ගත් බහාලුම්වල කහ කිලෝ ග්‍රෑම් දසලක්ෂයක් තිබෙන බවත් මේ වනවිට කහ මෙරටට ගෙන්වීම සම්පුර්ණයෙන් තහනම් කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර මෙරටට ගෙන ඒමේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කහ ටොන් 30 න් 10 ක් ශ්‍රී ලංකා ආයුර්වේද නිෂ්පාදන සංස්ථාව කරන ලද ඉල්ලීමකට අනුව මුදල් අමත්‍යාංශයෙන් විසින් ලබා දී තිබේ.