
එක්සත් රාජධානිය කෝවිඩ්-19 සඳහා එන්නතක් මහජනතාව වෙත ලබාදීමට නිල වශයෙන් අනුමත කළ පළමු රට බවට පත් වුණා.
එරට ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය (MHRA) විසින් කරන ලද නිර්දේශය මත එක්සත් රාජධානිය තුළ Pfizer-BioNTech කෝවිඩ්-19 එන්නත මහජනතාවට ලබාදීම සඳහා රජය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. ලබන සතියේ සිට එම එන්නත ලබාදීමේ කටයුතු අරඹන බවයි එරට රජය නිවේදනය කළේ.