
හෙට (03) සිට දින දෙකක් උතුරු පළාතේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය සඳහන් කර තිබෙන බව වාර්තා වේ.
“බුරවී“ සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඇති හැකියාව මත සිදුවිය හැකි ආපදා තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇත.
මේ අතර නැගෙනහිර පළාතේ සියලුම පාසල් අද (02) සිට වසා දැමීමට ඊයේ (01) තීරණය කෙරූ අතර මේ වන විට “බුරවි“ සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කි.මී 240ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතී.
එය අද රාත්‍රී රාත්‍රී 7.00-10.00ත් අතර රට තුළට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.