විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට…

දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 476 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වේ.

විදෙස්ගත රැකියාවල නිරතව සිටියදී විවිධ ගැටලුවලට මුහුණදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ඒ අතර වන බව ගුවන්තොටුපොළ මාධ්‍ය වාර්තාකරු පවසයි.

මීට අමතරව කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඩුබායි, කටාර් සහ ජපානයේ රැඳී සිටි පිරිසක් ද මෙලෙස දිවයිනට පැමිණ තිබෙන අතර ඔවුන් සියලුදෙනාට ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී PCR පරික්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකු විදෙස් රැකියා සඳහා අද අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

Recommended For You

About the Author: Jayani