නීති විරොධී ලෙස ආනයනය කළ කහ කුඩු රේගු භාරයට…

රේගු දෙපාර්තමේන්තුවේ “අවදානම් කළමනාකරණ අංශය” විසින් සිදුකළ විමර්ශනයක දී අනාවරණය වූ තොරතුරු මත තිරිඟු පිටි ආනයනය කරන මුවාවෙන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද බහලුමක තිබූ කහකුඩු කිලෝ 7,500 තොගයක් රේගු භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ පසුගිය මස 20 වනදා එම කහකුඩු තොගය සොයා ගත් බවයි.

කහ තොගය ගෙන්වා ඇති පුද්ගලයා මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මීට පෙර ද මෙවැනි නීතිවිරෝධි කටයුතුවල නිරතවූවෙකු බවට හඳුනාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින එම පුද්ගලයා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබාදී ඇති බව ද සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Jayani