
ඔස්ට්‍රියාවේ වියානා නගරයේ දී එරට ලොක්ඩවුන් පියවරවලට එරෙහිව පවත්වන ලද උද්ඝෝෂණයක් පාලනය කිරීමට පොලිසිය යෙදවීමට සිදුවුණා.
ඔස්ට්‍රියාවේ දක්ෂිනාංශික පක්ෂයක් වන නිදහස් පක්ෂය විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණය පවත්වන ලද්දේ චාන්සලර් සෙබස්තියන් කුර්ට්ස්ගේ කාර්යාලය ආසන්න ස්ථානයකයි. ඔහු ඉල්ලා අස්විය යුතු යයි ඔවුන් පැවසුවා.
මෙම උද්ඝෝෂණට 5000 ක් පමණ දෙනා සහභාගී ව සිටි බව වාර්තා වනවා.