බගවන්තලාව චැපල්ටන් වතු යායේ එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙයි…

බගවන්තලාව චැපල්ටන් වතු යායේ එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව වාර්තා වේ.

හැටන් ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් වශයෙන් සේවය කරමින් සිටිය දී ගුරුවරියකට ප්‍රථමයෙන් කොවිඩ් ආසාදනය වී ඇති අතර, පසුව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකු වශයෙන් සේවය කළ ගුරුවරියගේ සැමියාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබුණි.

එම නීතිඥයවරයාගේ 74 හැවිරිදි පියාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමුකර සිටිය දී පසුගිය දා ජීවිතක්ෂයට පත්ව තිබේ.

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආසාදිතයන්ගේ පවුලේ සෙසු සාමාජිකයන් ස්වයං නිරෝධානයට යොමුකර තිබෙන අතරපසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේ දී කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියගිය ආසාදිතයාගේ බිරිඳට සහ තවත් පුතෙකුට ඊයේ (06) දින කොවිඩ් – 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

Recommended For You

About the Author: Jayani