දූෂණ වංචා සෙවීමේ ජනපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි…

දූෂණ වංචා සෙවීමේ ජනපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (01) රාත්‍රියේ පැවැත්විය.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කළේ එහිදී එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.

2015 වසරේ ජනවාරි මස 15 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇති බව කියන දූෂණ වංචා පිළිබඳ සොයාබැලීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ

ඒ අනුව එළඹෙන පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගැනීමට නියමිත බවත් දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාවද එම පළමු සැසිවාරයේදී විවාදයට ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Recommended For You

About the Author: Jayani