රියදුරන් සිය වාහන නවතා යෑමේදී වඩාත් විමසිලිමත්ව කටයුතු කරන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා

කුලී පදනම මත ලබාගන්නා වාහන සඳහා ව්‍යාජ ලියාපදිංචි ලේඛන සකස්කර අඩු මුදලකට වාහන විකිණීමේ ජාවාරම්ක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු බස්නාහිර බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලේරියාව සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් එලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර මෙම සැකකරුවන් තවත් අපරාධ 17කට පමණ සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඊයේ (05) දිනයේදී මාතර, අනුරාධපුර සහ මන්නාරම යන ප්‍රදේශවලින් යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධි 3ක් වාර්තා වී තිබේ.එමෙන්ම තංගල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ද සොරකම් කරඇති බව පොලීසිය සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් මෙවැනි සොරකම් කිරීම් සිදුකරන ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් ඒ හේතුවෙන් රියදුරන් සිය වාහන නවතා යෑමේදී වඩාත් විමසිලිමත්ව කටයුතු කළයුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Recommended For You

About the Author: Jayani