
පාසල් 626 ක් ජාතික පාසල් ලෙස නම් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.මෙම වැඩපිළිවෙළ ජාතික පාසල් 1000 ක් පිහිටුවීමේ රජයේ ජාතික වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
ලබන මාසය තුළ එම කටයුතු අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
මේ වනවිට මෙරට ඇති ජාතික පාසල් සංඛ්‍යාව 374 ක් වන අතරඅධ්‍යාපන අමාත්‍යාංශය ලේකම්වරයා සඳහන් කළේ, අලුතින් නම් කරන පාසල්වලට අවශ්‍ය ගොඩනැගිලි, උපකරණ ආදිය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර ඇති බවය.