දෙමටගොඩදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් වහාබ් සහ ජිහාඩ් මතවාදය පැතිරීමේ චෝදනා මත පුද්ගලයෙකු අත්අඩංගුවට….

රෂීඩ් අජ්ජුල් අක්බර් නැමැති පුද්ගලයෙකු වහාබ් සහ ජිහාඩ් මතවාදය මෙරට තුළ පැතිරීමේ චෝදනා මත දෙමටගොඩදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ..

60 හැවිරිදි අදාළ පුද්ගලයා මාවනැල්ල, මුරුතවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ සැකකරු සම්බන්ධයෙන් රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත බවයි.

Recommended For You

About the Author: Jayani