
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන දිවයිනේ ප්‍රධාන රෝහල ලෙස ක්‍රියාත්මක වූ අයි.ඩී.එච්.රෝහලේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හරි අඩකින් පමණ අඩු වී ඇති බව වාර්තා වේ.
මෙයට පෙර කොරෝනා ආසාදිතයන් දෙසීයකට වැඩි පිරිසක් අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ගත් බව කී රෝහල් අධ්යක්ෂවරයා එම රෝගීන් සංඛ්‍යාව මේ වන විට සියයකට ආසන්න සංඛ්‍යාවක් දක්වා පහත බැස ඇති බව එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා මාධ්‍ය වෙත පවසයි.
එමෙන්ම එහි නිලධාරීන් මාධ්‍ය වෙත සදහන් කලේ එන්නත්කරණයත් සමගම කොරෝනා රෝග ව්‍යාත්තිය පහත බැසීම රෝගීන් සංඛ්‍යාව අඩුවීමට බලපෑ ප්‍රධාන හේතුව බවත් රෝගීන් සංඛ්‍යාව මෙලෙස අඩුවී ඇතත් ඕනෑම අවදානමකට මුහුණදීමට රෝහල් පහසුකම් සූදානම් බවත් ය.