2020 ලෝක රූ රැජින කේට් ස්නයිඩර්ට…

2020 ලෝක රූ රැජින ලෙස තේරී පත්ව සිටි ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරිගේ ඉල්ලා අස්වීම පිළිගැනීමෙන් අනතුරුව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අයර්ලන්තයේ, කේට් ස්නයිඩර් 2020 ලෝක විවාහක රූ රැජින ලෙස සඳහන් කර තිබේ.

පසුගිය දා කැරොලයින් ජූරි මහත්මිය තමා ජයග්‍රහණය කළ 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ අත්හැරීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එහිදී ඇය සදහන් කළේ 2021 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවයි. එමෙන්ම කිසිදු අයෙකු අපහසුතාවයට පත් කිරීමට එම කාර්යය සිදු නොකළ බව ඇය වැඩිදුරටත් පවසයි.

Recommended For You

About the Author: Jayani