සජිත්ගෙන් ඉල්ල්ලිමක්…

පසුගිය ජනවාරි මාසයේදී සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙන් සිව් වසරක සිරදඬුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.

එහිදී ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයද අහෝසිවිය.

ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇත්තේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් තමාට ලිඛිත අයදුමක් කරන ලෙසයි.

ඊයේ (19) පැවති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විපක්ෂ නායකවරයා රන්ජන් රාමනායක මහතාට ජනාධිපති පොදු සමාවක් ප්‍රදානය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

Recommended For You

About the Author: Jayani