සැවොම දැනගත් යුතුයි…ජිවීතයට ඉතාම වටිනා පාඩමක්…

වෙළෙඳ පොළේ ඇති වස විස අවම කරමින් එම ආහාර සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයට ලබා ගැනීම යන කරුණු පදනම් කරගනිමින් රසායනික විද්‍යාඥයෙකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා සමග ඉතාම වැදගත් මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා අන්තර්ජාලය ඔස්සේ පවත්වා තිබේ.

සෞඛ්‍ය ආරක්ෂිත ජීවිතයකට එම කරුණු ඔබට මනා පිටුවහලක් වනවා නිසැකයි…

සාකච්ඡාවේ වැදගත් කරුණු කිහිපයක් පහතින්,

බොහෝ ගොවීන් වැඩිපුර අසවැන්න වෙළඳපොළට නිකුත් කිරීමේ අභිප්‍රාය ඇතිව රසායන ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් එළවළු පලතුරු වලට යොදනවා.

අපි ඒ එළවළු පලතුරු ආහාරයට ගැනීමේ දී මෙසේ යොදන රසායනික ද්‍රව්‍ය අපටත් නොදැනීම අපේ ශරීරයට ඇතුල් වෙනවා. මේ රසායන ද්‍රව්‍ය වැඩිපුර තැන්පත් වුණොත් පිළිකා පවා හැදෙන්න පුළුවන්.

එසේනම් එම රසායන ද්‍රව්‍ය ඉවත් කල හැක්කේ කෙසේද???

නිවසට ගෙන එන ආහාර ජලයෙන් සේදීම පළමුව කළ යුතුයි. එහිදී ලුණු ග්‍රෑම් 20ක් 30ක් පමණ ගෙන මද උණු ජලය ලීටර් එකකට පමණ යොදා සෙන්ටිග්‍රේඩ් 50ත් 40ත් වගේ උෂ්ණත්වයෙන් යුත් ජලයට දමා දියකර එම ජලයෙන් එම එළවළු හොඳින් සෝදන්න . විනාඩි දහයක් පමණ තබා නැවතත් විනාකිරි සහිත මද උණු ජලයෙන් මෙම එළවළු යළිත් සේදිය යුතුයි. විනාකිරි සහ ලුණු වලින් සෑහෙන ප්‍රමාණයක් පළිබෝධනාශක සහ විෂ රසායනික ද්‍රව්‍ය සේදී යනවා කියා පිළිගැනීමක් තිබෙනවා. අවසානයේදී පිරිසිදු ජලයෙන් මේ සියල්ල හොඳින් සෝදන්න . පසුව ඔබට මෙම එළවළු ශීතකරණයේ තැබිය හැකිය. එළවළුවලට මෙන්ම පලතුරු වලට මෙසේ සිදු කිරීම ඉතාම වැදගත්.

කුඩා වියේදී දැරිවියන් වැඩිවියට පැමිණීම අධි පෝෂණයෙන් සිදුවන්නක්….

අධි පෝෂණයේ බරපතළකම වන්නේ දරුවන්ට පසුකාලීනව දියවැඩියාව හෘද රෝග පිළිකා වගේ දේවල් වැළඳිය හැකි ප්‍රවණතාවය වැඩි වීමයි.

කෙටි ආහාර වලට ළමයි පොළඹවන්නේ විචිත්‍ර ආකර්ෂණීය වෙළෙඳ දැන්වීම් මඟින්. මේ පිළිබඳ සදහන් කළොත්….

සුප් කැට වලට සහ නූඩ්ල්ස් වලට දමන රසකාරක වල අහිතකර සංයෝග ඉතාමත් වැඩි ප්‍රවණතාවයකින් තිබෙනවා. එමෙන්ම කුඩාළමුන්ට ලබා දෙන පැකට් කරන ලද කල් තබා ගන්නා ලද ක්ෂනික ආහාර වල පසුගියදා බොහෝදෙනා අතර කතාබහට ලක්වූ ඇෆ්ලටොක්සින් වලට වඩා භයානක රසායනික ද්‍රව්‍ය අඩංගු වන්නට පුළුවන්.

කුළුබඩුවලත් ඇෆ්ලටොක්සින් අඩංගු ද?….

කුළුබඩු නිසි පරිදි නියැලුණේ නැත්නම් එහි ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය සෑදෙන්නට පුළුවන්.

අව්වෙ වියළීම ඇෆ්ලටොක්සින් විනාශ කිරීමට එක ක්‍රමයක්.

වෙළෙඳ පොළෙන් ගෙන එන කුලුබඩු පැකටුවෙන් ඉවතට ගෙන ඒවා තද අව්වේ එනම් දවල් 11 ඉදලා හවස 2 වෙනකම් වියළීම ඉතාම හොඳ ක්‍රමයක්.

පොල් කෑලි කපලා අව්වේ වේලා කොප්පරා විදියට පොල්තෙල් හිදීමේදී වුවත් ඇෆ්ලටොක්සින් තිබෙන්නට පුළුවන්.

පැණි බීම හා පිටි සීනි අධික වශයෙන් නිපදවයි.

දරුවාව පැණි රස කෑම පැණි බීම වලින් හැකිතාක් අයින් කරන්න. බිස්කට් වර්ගත් එසේමයි. දරුවාට පැනබීම ලබාදීම එකවර නැවැත්වීම වීමට නොහැකි වුවත් එය පාලනය කිරීම ඔබට කළ හැකි. මෙහිදී ඉතාම වැදගත් වන්නේ දරුවාට ලබා දෙන කෑම පිළිබඳ නිසි අවබෝධයක් දෙමාපියන් සතුව තිබීමයි.

උපුටා ගැනීම – රසායනික විද්‍යාඥයෙකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා සමග අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය සාකච්ඡාවකිනි…
https://youtu.be/uwiHJ081B-0

Recommended For You

About the Author: Jayani

1 Comment

  1. ගොඩක් වටිනා කාලීන ලීපියක්🙏 බොහොම ස්තුතියි නංගී ❤️

Comments are closed.