චීන රොකට්ටුවක සුන්බුන් පෘථිවියට … එය කඩා වැටෙන්නේ කොතැනටද? කොහෙටද? …..

චීනය විසින් අපේ‍්‍රල් අවසානයේ දී දියත් කරන ලද රොකට්ටුවක කොටසක් සෙනසුරාදා අග හෝ ඉරිදා මුලදී නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වනු අපේක්ෂා කරන බව විශේෂඥයින් හා නිලධාරීන් පවසයි.

එම රොකට්ටුව තට්ටු 10 ක් උස සහ පාසල් බස් රථයක් මෙන් දෙගුණයක් බරින් යුක්ත වන අතර එය මේ සති අන්තයේ නැවත පෘථිවියට කඩා වැටෙනු ඇති නමුත් කොහේද, කවදාද යන්න කිසිවෙකුට සදහන් කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ “ලෝන්ග් මාර්ච් 5 බී ” රොකට්ටුවේ අඩි 98 ක් දිග ටොන් 20 ක කොටස පසුගිය මාසයේදී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී පිපිරීමෙන් පසු පැයට සැතපුම් 18,000 ක වේගයෙන් අභ්‍යවකාශය හරහා කඩා වැටෙමින් තිබේ.

රොකට් කැබලි නැවත පෘථිවියට වැටීම සාමාන්‍ය දෙයක් වන අතර, මෙහි අවධානය යොමු කිරීමට හේතුව එය පහළට එන්නේ කොතැනට දැයි නොදන්නා බැවිනි.

විශේෂඥයින් පවසන්නේ එය පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වූ පසු එහි සුන්බුන් නිව් යෝර්ක්, ලොස් ඇන්ජලීස්, මැඩ්රිඩ්, රියෝ ද ජැනෙයිරෝ, නයිජීරියානු අගනුවර වන අබුජා හෝ බීජිං නැතහොත් සාගරයක හෝ කාන්තාරයකට ගොඩබසිනු ඇති බවයි.

රොකට්ටුව ගැන විමසූ විට චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසුවේ නැවත පිවිසීමේදී එය ගිනිබත් වන බවයි.

එමගින් ගුවන් කටයුතු හෝ භූමියේ ක්‍රියාකාරකම් වලට හානි කිරීමේ සම්භාවිතාව අතිශයින්ම අඩු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මීට පෙර 2020 දී තවත් රොකට්ටුවක් පාලනයකින් තොරව නැවත ඇතුළු වූ අතර එහි සුන්බුන් අයිවරි කෝස්ට් හි ග්‍රාමීය ප්‍රදේශයකට කඩා වැටී තිබේ.

මේ අතර, චීන රජය විසින් පවත්වාගෙන යනු ලබන ග්ලෝබල් ටයිම්ස් පුවත්පත පැවසුවේ එය මුහුදේ කඩා වැටෙනු ඇති බවයි.

කැලිෆෝනියාවේ පිහිටි අභ්‍යවකාශ සංස්ථාව එය සිදුවීමේ අවස්ථාව සියයට 75 ක් ලෙස සදහන් කරයි. රොකට් අවශේෂයෙන් සියයට 60 ත් 80 ත් අතර ප්‍රමාණයක් ගිනිබත් වීමට ඉඩ ඇති බව එයින් කියැවේ.

අවදානම අඩු නමුත් විශේෂඥයන් පවසන්නේ නැවත ඇතුල්වීම වඩාත් නරක අතට හැරෙන විශාල ගැටලුවක කොටසක් බවයි.

මන්ද රටවල් වැඩි ප්‍රමාණයක් රොකට් දියත් කරන විට නැවත පෘථිවියට කඩා වැටීමෙන් හානියක් සිදුවිය හැකි බවත් නැතහොත් ගැටී අභ්‍යවකාශ සුන්බුන් වලාකුළක් නිර්මාණය කරන බවත් වෙනත් චන්ද්‍රිකා හෝ ගගනගාමීන්ට බලපෑම් කළ හැකි බවත් ය.

Recommended For You

About the Author: Jayani