ගම්පහ අවදානම් තත්ත්වයේ..

ඊයේ දිනයේ (17) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,456 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අතරින් ආසාදිතයින් 23 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දේශීය පුද්ගලයින් අතරිනි.

ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ දිස්ත්‍රික්ක 23 කින් හඳුනා ගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 677 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් 320ක් කළුතර දිස්ත්‍රික්කයෙන් 315 ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් 259 ක් මුලතිව් දිස්ත්‍රික්කයෙන් 255 ක් හදුනා ගෙන තිබේ.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 145,202ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 24,592 ක් වන අතර සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 119,629කි.

පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 981 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Recommended For You

About the Author: Jayani