
අද (24) පෙරවරුවේ සිට පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ, පිටකොටුව තොග වෙළෙඳසැල් සහ තෝරාගත් ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් විවෘත කර තිබෙන බව වාර්තා වේ.
මේ වනවිට දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, වේයන්ගොඩ, මීගොඩ සහ ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථානද විවෘත කර තිබෙන අතර හෙට (25) දිනයේ වෙළෙඳසැල් විවෘත කිරීම සඳහා අවශ්‍ය තොග භාණ්ඩ වෙළෙඳාම සඳහා පමණක් මෙම මධ්‍යස්ථාන අද විවෘත කර තිබෙන බව වැඩිදුරටත් සදහන් වේ.