ශ්‍රී ලංකාවෙන් ආක්‍රමණයක් පිලිබද ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි…

ශ්‍රී ලංකාවෙන් ආක්‍රමණය කිරීමට උත්සාහ කරන සන්නද්ධ කණ්ඩායමක් පිලිබද ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගැනීමත් සමග තමිල්නාඩු ප්‍රාන්ත පොලිසිය සහ මධ්‍යම බුද්ධි අංශ දැඩි සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම බුද්ධි අංශ ආරංචි මාර්ග වලට අනුව සන්නද්ධ ක්‍රියාකාරීන් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර තිබේ.

ඒ අනුව කන්යාකුමාරි, දත්කුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි යන නගරවල දැඩි සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර තිබෙන අතර පොලීසිය ආරක්ෂක පියවරයන් වේගවත් කිරීමත් සමඟ තමිල්නාඩු වෙරළ තීරයට ළඟා වීමට දරන ඕනෑම උත්සාහයක් වලක්වා ගැනීම සඳහා වෙරළාරක්ෂක මුර සංචාර ඒකක විසින් මුහුදේ තවත් නාවික නැව් යොදවා ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කේරළ පොලිසියේ බුද්ධි අංශ ආරංචි මාර්ග පෙන්වා දී ඇත්තේ ඒජන්සිවලින් ලැබුණු තොරතුරුවලින් පසු ඔවුන් වෙරළබඩ නගරවල ද සුපරීක්ෂාකාරී වී ඇති බවයි.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කලේ මෙම පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෝ සංවිධානය කුමක්ද යන්න මෙතක් තහවුරු කර ගෙන නොමැති බවයි

Recommended For You

About the Author: Jayani