
34 හැවිරිදි බෝල්ට් සහ ඔහුගේ සහකරු කාසි බෙනට් පියවරුන්ගේ දින ඉන්ස්ටග්‍රෑම් සටහනකින් නව පුවතක් ප්‍රකාශයට පත් කොට තිබේ.

ඒ ඔවුන්ගේ නිවුන් පිරිමි ළමයින්ගේ උපත පිලිබදවයි.
එම නිවුන් දරුවන් තන්ඩර් බෝල්ට් සහ ශාන්ත ලියෝ බෝල්ට් ලෙස නම් කර තිබේ.
එහිදී ඔවුන් දරුවන් ඉපදුන දිනය පිලිබද සඳහන් නොකෙරූ අතර නිවුන් දරුවන් සහ දියණිය ඔලිම්පියා ලයිට්නින් බෝල්ට් සමඟ පෙනී සිටින ඡායාරූපයක් ද බෙනට් විසින් පළ කොට තිබේ.
ඉතිහාසයේ වේගවත්ම මිනිසා යන නාමය දිනූ ජැමෙයිකානු ධාවන ශූරයකු වූ බෝල්ට් 2017 දී මලල ක්‍රීඩා වලින් විශ්‍රාම ගත් බව සදහන් වේ.
මලල ක්‍රීඩා වලින් ඉවත්වීමෙන් පසු ඔහු වෘත්තීය පාපන්දු ක්‍රීඩා කිරීමට උත්සාහ කළ නමුත් පසුව ඔහු ප්‍රකාශ කළේ 2019 දී මුළුමනින්ම ක්‍රීඩාවෙන් ඉවත් වන බවයි.
