
රටේ කොරෝනා වෛරසයට පාලනයේ නායකත්වය දුන් එක්සත් රාජධානියේ සෞඛ්ය ලේකම් මැට් හැන්කොක්, සෙනසුරාදා ඉල්ලා අස්වූබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
ඒ අනුව රටේ වසංගත පාලනයේ පෙරමුණ ගත් හැන්කොක් මහතා, කොරෝනා වෛරස් සීමාවන් උල්ලංඝනය කළ බවට චෝදනා ලැබූ රජයේ නවතම සාමාජිකයා විය.
ඊට හේතුව වූයේ ඔහු සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පාසැල් කාලයේ සිට මිතුරෙකු වූ ජ්‍යෙෂ්ඨ සහායක ජිනා කොලඩන්ජෙලෝ සමග සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යාලයක සිප ගනිමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ටැබ්ලොයිඩ් පුවත්පතක පළ වීමයි. ඒ සමග හැන්කොක්ට දැඩි පීඩනයක් එල්ල විය.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙත ඉල්ලා අස්වීමේ ලිපියක හැන්කොක් කියා සිටියේ,
“මේ නීති රීති සම්පාදනය කරන අය ඒවා පිළිපැදිය යුතුයි. ඒ නිසා මට ඉල්ලා අස්විය යුතුයි” යන්නයි.
ජොන්සන් කියා සිටියේ හැන්කොක්ගේ ඉල්ලා අස්වීම ගැන කණගාටු වන බවයි.
විපක්ෂ ලේබර් පක්ෂයේ සෞඛ්‍ය ප්‍රකාශක ජොනතන් පැවසුවේ “මැට් හැන්කොක් ඉල්ලා අස්වීම හරි. නමුත් බොරිස් ජොන්සන්ට ඔහුව නෙරපා හැරීමට තරම් ධෛර්යයක් නොතිබුණේ ඇයි?” යන්නයි…
“මග පෙන්වීම කඩ කිරීම ගැන මා නැවත සමාව ඉල්ලා සිටිමි, මගේ පවුලේ අයගෙන් සහ ආදරණීයයන්ගෙන් සමාව අයැදීමටත් මට අවශ්‍යය. “මට මේ අවස්ථාවේ මගේ දරුවන් සමඟ සිටීමටත් අවශ්‍යයි.”යනුවෙන් විවාහක හැන්කොක් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.
එහෙත් හැන්කොක් තම බිරිඳ වන 44 හැවිරිදි මාර්තාගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද නොසිටි බව පුවත්පත් වාර්තා සඳහන් කරයි.
ඩව්නිං වීදිය පැවසුවේ පීඑම් බොරිස් ජොන්සන් හැන්කොක් මහතාගේ සමාව පිළිගෙන කාරණය වසා දැමූ බවයි.
ඒ අනුව හැන්කොක් වෙනුවට ජොන්සන් හිටපු චාන්සලර් සජිඩ් ජාවිඩ් පත් කොට තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.
මරණ 128,000 ක් සමඟ, එක්සත් රාජධානිය ලෝකයේ COVID-19 වලින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, වසර තුනකට ආසන්න කාලයක් එම තනතුරේ සිටි හැන්කොක්, වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව තිබේ.

