මෙරට පැතිර යන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය විය හැකි බවට අනතුරු ඇඟවීමක්…

එන්නත්කරණයේදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කළ වාර්තා වේ.

ඒ කොවිඩ් -19 වෛරසයෙන් වැඩි වශයෙන් වැඩිහිටියන්ගේ මරණ වාර්තා වීම හේතුවෙනි.

ඒ බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.

එමෙන්ම ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකරන්නේ නම් තවත් සති 10ක කාලයක් තුළ ලංකාවේ පැතිර යන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය හැකි බව ඇය අනතුරු අගවයි.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කරයි.

තවද මේ වනවිටත් කොවිඩ් -19 වෛරසය ආසාදනය ගර්භණී මව්වරුන් 12 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් තවම අවධානම පහවෙලා ගොස් නොමැති බවත් අලුත් සතුරෙකුත් සිටින බවත් ඇය වැඩිදුරටත් සදහන් කරයි.

Recommended For You

About the Author: Jayani