
බලගොල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහනුවර අම්පිටිය ප‍්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට පහරදී පරාල ඇණ ගැසීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බව කියන දුෂ්මන්ත සුජිත් කුමාර ප‍්‍රනාන්දු නමැති කපුවා ඇතුළු තිදෙනකු මහනුවර විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වෙත බාර දී තිබෙන බව වාර්තා වේ.
ඊයේ සවස 2.30 ට පමණ මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බව කියන කපුවා නීතිඥවරුන් දෙදෙනකුගේ මාර්ගයෙන් බලගොල්ල පොලිසිය වෙත භාර වී තිබෙන අතර පරාල ඇණ ගැසීමට ලක්වූ පුද්ගලයන් දෙදෙනා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තමන්ට අපහාස කළ අතර ඔවුන් තමන් ඝාතනය කිරීම සඳහා ද සැලසුම් සකස් කරගෙන සිට ඇති බව පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ සැකකාර කපුවා සඳහන් කරයි.
මෙහි දී පොලිසිය පැවසුවේ මෙම සිද්ධිය පිටුපස විශාල අභිරහසක් පවතින බවයි.
මෙම පුද්ගලයන් දෙදෙනා ඝාතනය කිරීම සඳහා කපුවා ඇතුළු පිරිස සැලසුම් කර සිට ඇති අතර මහනුවර පොලිසියේ කණ්ඩායමක් ගොස් ඔවුන් දෙදෙනා බේරාගෙන තිබේ.