
විශේෂ කාර්ය බළකායේ කිළිනොච්චිය කඳවුරේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් විසින් කිළිනොච්චිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී LTTE සංවිධානය හා සම්බන්ධ ඡායාරූප සිය ජංගම දුරකථනය තුළ තබා ගැනීම හා අපරාධ සඳහා තරුණයින් නැඹුරු කරගැනීමට උත්සහ කිරීමේ චෝදනාව මත තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අපරාධයක් කිරීමේ අරමුණින් යකඩ කඩුවක් සඟවා තබා ගෙන තිබෙන බවත් අදාල විමර්ශනවල දී ප්‍රදේශයේ තරුණයින් අපරාධ සඳහා නැඹුරු කරගැනීමට උත්සාහ දරා ඇති බව අනාවරණය වී තිබේ.
කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු 21 හැවිරිදි නාගරාසා ප්‍රභා නැමැති අයෙකි.
සැකකරු සන්තකයේ තිබිය දී සිම්කාඩ් පත් සහිත ජංගම දුරකථන දෙකක් ද දිග අඟල් 27½ ක් වූ පළල අඟල් 1 1/4 ක් වූ තලයක් සහිත, මිට දිග අඟල් 6 ½ ක් වූ ලී මිටක් සහිත බයිසිකල් ටියුබ් පටිවලින් වෙලා ඇති යකඩ කඩුවක් සොයාගෙන තිබේ.