ඇෆ්ගනිස්ථාන් රජය පළාත් 31 ක රාත්‍රී ඇඳිරි නීතිය පනවයි…

තලේබාන් ප්‍රහාර මැඩ පැවැත්වීම සඳහා ඇෆ්ගනිස්ථාන බලධාරීන් සෙනසුරාදා දිවයිනේ පළාත් 34න් 31 ක් පුරා රාත්‍රී ඇඳිරි නීතිය පැනවූ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

අගනුවර වන කාබුල් සහ තවත් පළාත් දෙකක් හැරුණු විට ක්රියාත්මක වන මෙම ඇඳිරි නීතිය දේශීය වේලාවෙන් රාත්රී 10 සිට අලුයම 4 දක්වා පවතින බව අභ්යන්තර කටයුතු අමාත්ය අමාත්යාංශය සදහන් කරයි.

ජාත්‍යන්තර හමුදා රටින් ඉවත් වීමත් සමඟ පසුගිය මාස දෙක තුළ තලේබාන් සහ ඇෆ්ගනිස්ථාන රජයේ හමුදා අතර සටන් උත්සන්න වී තිබෙන අතර සටන්කාමී කණ්ඩායම සියළුම භූමි ප්‍රමාණයෙන් අඩක් පමණ අල්ලාගෙන තිබෙන බව සදහන් වේ.

Recommended For You

About the Author: Jayani