ටියුනීසියානු ජනාධිපති අගමැතිවරයාව සිය ධුරයෙන් නෙරපයි..

ටියුනීසියාවේ පවතින ප්‍රචණ්ඩකාරීකාරීත්වයෙන් පසුව ටියුනීසියාවේ ජනාධිපතිවරයා එරට අගමැතිවරයාව ධුරයෙන් ඉවත් කොට පාර්ලිමේන්තුවේ කටයුතු ද අත්හිටුවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රජය විසින් කොවිඩ් -19 වැරදි ලෙස හැසිරවීම ගැන කෝපයට පත් විරෝධතාකරුවන් රජය නෙරපා හරින ලෙස ඉල්ලා වීදි බැස තිබේ.

අගමැති හිචෙම් මෙචිචි නෙරපා හරින ලද පුවතත් සමඟ ප්‍රචණ්ඩත්වය තවත් දරුණු වූ අතර එහි දී ජනාධිපති කයිස් සයිඩ් කියා සිටියේ, නව අගමැතිවරයෙකුගේ සහාය ඇතිව තමන් රට භාර ගන්නා බවයි.

නමුත් විරුද්ධකරුවන් පැවසුවේ ඔහුගේ මෙම පියවරයන් කුමන්ත්‍රණයක් වන බවයි.

විරෝධතාකරුවන් පොලිසිය සමග ගැටුම් ඇති කර ගත් අතර එහිදී පුද්ගලයින් කිහිප දෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තවද විරෝධතාකරුවන් පාලක එනාහ්ඩා පක්ෂයේ කාර්යාලවලට කඩා වැදී පරිගණක කඩා බිඳ දමා ටුසූර්හි පිහිටි එහි ප්‍රාදේශීය මූලස්ථානයට ගිනි තබා තිබෙන බවද මාධ්‍ය වාර්තා සදහන් කරයි.

Recommended For You

About the Author: Jayani