ඉන්දුනීසියාවේ තත්ත්වය තවත් දරුණු අතට…. COVID-19 සීමා තවදුරටත් දීර්ඝ කරයි….

ඉන්දුනීසියාව සිය COVID-19 සීමා අගෝස්තු 2 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ප්‍රකාශ කර තිබේ.

“දින 23 ක් තිස්සේ ක්‍රියාත්මක වන මර්ධනයන් පිළිබඳව අවබෝධය සහ සහයෝගය ලබා දීම පිළිබඳව සියලු ඉන්දුනීසියානු වැසියන්ට මම ස්තූතිවන්ත වෙමි,” ජනාධිපති ජෝකෝ සදහන් කරයි.

ලෝකයේ හතරවන වැඩිම ජනගහනය සහිත රට වන ඉන්දුනීසියාවට කොරොන වයිරස් ආසාදන මිලියන තුනකට වඩා ඇති අතර මරණ 83,000 ක් සිදුව ඇති බව නිල දත්ත වලට අනුව පෙනී යයි.

ජූලි 16 සිට ඉන්දුනීසියාවේ දෛනික මරණ සංඛ්‍යාව 1000 ට වඩා ඉහළ මට්ටමක පවතින අතර විශේෂඥයින් පවසන්නේ කොරොන වයිරස් පරීක්ෂාව අඩුවීම හේතුවෙන් එම සංඛ්‍යාව වැඩි විය හැකි බවයි.

සිකුරාදා දින COVID-19 මරණ 1,566 ක් වාර්තා වූ බව දත්ත මගින් පැහැදිලි වේ.

ජාවා සහ බාලි පිළිබඳ COVID ප්‍රතිචාරය අධීක්ෂණය කරන ජ්‍යෙෂ් ඇමති ලුහුට් පාන්ඩ්ජයිතාන් සෙනසුරාදා කියා සිටියේ සාධක ගණනාවක් නිසා මරණ ඉහළ ගොස් ඇති බවයි.

එක්සත් ජනපදයේ ලොව ප්‍රමුඛ පෙළේ කොරෝනා වෛරස් පර්යේෂණ කණ්ඩායම් දෙකක නියෝජිතයින් මේ පිළිබඳව කනස්සල්ල පළ කොට ඇති අතර සියැටල් හි සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ සෞඛ්‍ය ප්‍රමිතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අලි මොක්ඩාඩ් පැවසුවේ ප්‍රජාවක් තුළ වැඩි ආසාදන වැඩි වන තරමට නව ප්‍රභේදයක් සඳහා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇති බව යි.

චීනයේ සිනොවාක් බයෝටෙක් විසින් නිපදවන ලද එන්නත මත මූලික වශයෙන් විශ්වාසය තබා ඇති ඉන්දුනීසියාව මිලියන 270 ක ජනගහනයෙන් සියයට 7 කටත් වඩා අඩු ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

Recommended For You

About the Author: Jayani