තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් මෙරටට…

අද(27) අලුයම තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් චීන රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට පැමිණී බව වාර්තා වේ

මෙම එන්නත් තොගය චීන රජය එක් වරකදී ප්‍රධානයක් ලෙස ලබාදුන් වැඩිම කොවිඩ් මර්දන එන්නත් තොගය වන අතර අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම සයිනෝෆාම් එන්නත් තොගය ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්ග් හොන්ග් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් භාර දී තිබේ.

ඒ අනුව එම එන්නත් තොගය උතුරු, නැගෙනහිර පළාත්වල වයස අවුරුදු 30 ට වැඩි ජනතාවට ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදුන් බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

එහිදී අගෝස්තු මාසය අවසන් වනවිට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබාදී අවසන් කිරීමට හැකි වෙතැයි මෙහිදී සදහන් කල ජනාධිපතිවරයා සදහන් කොට තිබේ.

එමෙන්ම සංචාරක කටයුතු සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කළ හැකි වන බවද එතුමා වැඩිදුරටත් සදහන් කරයි.

Recommended For You

About the Author: Jayani