
ඇලස්කාවේ වෙරළ තීරයේ රික්ටර් මාපක 8.2 ක භූමිකම්පාවක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි දී අදාල ප්‍රදේශ වලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කොට ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
එමෙන්ම මෙම කම්පන තත්ත්වය ඉතා ප්‍රබල භූමිකම්පාවක් බවත් ඇලස්කාවේ පෙරීවිල් සිට ගිනිකොන දෙසින් මෙම භූමිකම්පාව සැතපුම් 56 ක් (කිලෝමීටර් 91) පමණ දුරකින් සිදුව ඇති බවත් දේශීය වේලාවෙන් බදාදා රාත්‍රී 10: 15 ට පමණ සිදු වූ බවත් සඳහන් වේ.