කැනේඩියානු ජාතිකයින් සඳහා ප්‍රමාණවත් තරම් COVID-19 එන්නත්….

කැනඩාවේ දැනට වයස අවුරුදු 12 ට වැඩි සෑම පුද්ගලයකුටම සම්පූර්ණයෙන්ම එන්නත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් COVID-19 එන්නත් රට තුළ ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පැවසුවේ “ශීතසෘතුවේ දී මම පොරොන්දු වුනා සැප්තැම්බර් අග වන විට සුදුසුකම් ලත් කැනේඩියානු ජාතිකයින් සඳහා ප්‍රමාණවත් එන්නත් ලබා දෙන බවට. අපි ඒ පොරොන්දුව ඉටු කළා. ” යන්නයි.

අමාත්‍ය අනීටා ආනන්ද් ඒ පිළිබඳ
සදහන් කළේ සතිය අවසාන වන විට කැනඩාවට තවත් එන්නත් මිලියන 68 ක් ලැබෙනු ඇති බවයි.

“අපි ෆයිසර් මාත්‍රාව මිලියන 51 ක්, මෝඩර්නා මාත්‍රාව මිලියන 44 ක් ලබාගෙන තිබෙනවා. සැප්තැම්බර් මාසයට පෙර එම එන්නත් දෙකේම මාත්‍රාවන් මිලියන 95 ක් අපට ලැබෙනු ඇත” යනුවෙන් ආනන්ද් වැඩිදුරටත් සදහන් කරයි.

එන්නත් කිරීමේ අනුපාතයේ ලොව ප්‍රමුඛයා ලෙස කටයුතු කරන කැනඩාව තුල සුදුසුකම් ලත් පුද්ගලයින්ගෙන් 80% කට වඩා වැඩි පිරිසකට ඔවුන්ගේ පළමු මාත්‍රාව එන්නත් කර ඇති බවත් දළ වශයෙන් 64% ක් එන්නත ලබා දී ඇති තිබෙන බවත් සදහන් වේ.

Recommended For You

About the Author: Jayani