කොවිඩ් එන්නත්කරණයේ ලෝක ප්‍රමුඛයකු එන්නතතේ තුන්වන මාත්‍රාවටත් පා තබයි ….

දැනටමත් Pfizer-BioNTech කෝවිඩ් එන්නත ලබා දී ඇති වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් -19 එන්නතෙහි තුන්වන මාත්‍රාවත් ඊශ්‍රායලය විසින් ලබා දීමට පටන් ගන්නා බව එරට අග්‍රාමාත්‍යවරයා බ්‍රහස්පතින්දා නිවේදනය කොට තිබේ.

ඊශ්‍රායලය එන්නත ලබා දීමේ ලෝක ප්‍රමුඛයා වන අතර බොහෝ වැඩිහිටියන් දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි යන මාසවලදී ඔවුන්ගේ එන්නත් ලබා ගෙන තිබේ.

ඒ අනුව මේ වනවිට ඊශ්‍රායලයේ මිලියන 9.3 ක ජනගහනයෙන් සියයට 57 ක් පමණ එන්නත ලබාගෙන ඇති බව සදහන් වේ.

එමෙන්ම පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලයේ කොවිඩ් -19 රෝගීන් 1,400 කට වඩා වාර්තා වී තිබේ.

මේ වන විට සක්‍රීය රෝගීන් 15,000 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති තිබෙන බවත් ඉන් 151 දෙනෙකු බරපතල තත්ත්වයේ රෝහල් ගත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමති නිට්සන් හොරොවිට්ස් පැවසුවේ මෙම තුන්වන මාත්‍රාවෙන් ජීවිත රැක ගත හැකි බවයි.

තවද වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට එන්නත ලබා දෙන බව සෞඛ්‍ය නිලධාරීන් පසුගිය මාසයේ නිවේදනය කළ අතර මේ සතිය මුලදී ඔවුන් කියා සිටියේ බරපතල සෞඛ්‍ය සංකූලතා ඇතිවීමේ අවදානමක් ඇති වයස අවුරුදු 5 ත් 11 ත් අතර අයට අගෝස්තු 1 සිට එන්නත ලබා දිය හැකි බවයි.

Recommended For You

About the Author: Jayani