මියන්මාරයේ අවුල් ජාලාවක්….

කෝවිඩ් වසංගතය සමඟ පොරබදමින් සිටින මියන්මාරයේ හමුදා පාලකයා කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයක් අපේක්ෂා කරන බව බදාදා නිවේදනය කොට තිබේ.

පෙබරවාරි 1 දා අවුන් සාන් සුකීගේ නායකත්වයෙන් යුත් රජය බලයෙන් පහ කළ දා සිට හමුදාව සහ නව මිලීෂියාවන් අතර නිරන්තර විරෝධතා හා සටන් ඇති වීමත් සමඟ මියන්මාරය අවුල් ජාලාවක් බවට පත් ව තිබේ.

මියන්මාරය තුළ මේ දක්වා රෝගීන් 280,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ 8,200 ක් වාර්තා වී තිබේ.

මිලියන 54 ක් පමණ වෙසෙන මියන්මාරයේ ජූලි මාසයේදී දිනකට පුද්ගලයින් 9,000 ත් 17,000 ත් අතර සංඛ්‍යාවක් පමණක් පරීක්ෂාවට ලක් කොට තිබේ.

මේ අතර මියන්මාරයේ බොහෝ ප්‍රදේශවල ඔක්සිජන් ලබා ගැනීම සඳහා මිනිසුන් දැඩි උත්සාහයක නිරත වන බව මාධ්‍ය වාර්තාවන් සඳහන් කරයි.

මියන්මාරයේ ඔක්සිජන් වටිනාම හා වඩාත්ම මතභේදාත්මක භාණ්ඩයක් බවට පත්ව ඇති අතර මිලිටරි නායක මින් අවුන්ග් හේලින්ග්, රටේ හිඟයක් ඇති බව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, “භීතිය” හේතුවෙන් මිනිසුන් ඔක්සිජන් තොග ගබඩා කර ඇති බවයි.

“ගබඩා කිරීම” වැළැක්වීම සඳහා හමුදාව පුද්ගලික විකුණුම්කරුවන්ට ඔක්සිජන් විකිණීම සීමා කර ඇති අතර සමහරු චෝදනා කරන්නේ හමුදාව හමුදා රෝහල්වලට ඔක්සිජන් සපයන බවයි.

Recommended For You

About the Author: Jayani