
ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ.
ඒ ඊයේ (30) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකිනි.
ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා ඇය නුවරඑළිය ප්‍රදේශයට ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී ගමන් ගත් වෑන් රථය නුවරඑළිය – තලවකැලේ මාර්ගයේ ළිඳුල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවත් අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු ළිඳුල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් සඳහන් වේ.
මියයන විට හයසින්ත් විජේරත්න මහත්මිය 75 වන වියේ පසුවිය.