
අද වන විට කොළඹ ජාතික රෝහලේ කොරෝනා ව්‍යාප්තිය ඉතා ඉහළ මට්ටමක පත් ව තිබෙන බව වාර්තා වේ.
ඒ ජාතික රෝහලෙන් ඊයේ සහ පෙරේදා දින දෙක තුළ පමණක් රෝගීන් 400කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබීම හේතුවෙනි.
හදිසි අනතුරුවලින් රෝහලට රැගෙන එන පුද්ගලයන් ගෙන් සැළකියුතු පිරිසක්ද කොරෝනා ආසාදිතයන් බවත්
මේ වන විට එම රෝහලේ කාර්යමණ්ඩලය 250කට ආසන්න පිරිසක් ද ආසාදිතයන් වී ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙකු පවසයි.