රට නැවත විවෘත කිරීමෙන් පසුව එන නව ක්‍රියාමාර්ගය…..

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන කොරෝනා මර්ධන එන්නත ලබාගත් බවට සහතික කරන ලද කාඩ් පත ළඟ තබාගැනීමට අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම කාඩ්පත රජයේ ආයතන සහ සුපිරි වෙළඳ සැල් වලට ඇතුළු වීමේදී ළඟ තිබීම අනිවාර්ය කිරීම ඉතා වැදගත් බවත් රට නැවත විවෘත කිරීමෙන් පසු මෙම ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ඉදිරියේ දී ගැනීමට නියමිතව ඇති බවත් සදහන් වේ.

එමෙන්ම පොදු ප‍්‍රවාහන සේවාවන්හි ගමන් කරන පුද්ගලයන්ද කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් අය විය යුතු බව ද සාකච්ඡාවට ලක් වී ඇති බව සදහන් වේ.

Recommended For You

About the Author: Jayani