
හෙට (01) සිට රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අදාළව අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කරන බව වාර්තා වේ.
එහි දී උදෑසන සහ සවස් කාලයේ පමණක් බස්රථ ධාවනයට අවසර ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා දිලුම් අමුණුගම මහතා සදහන් කරයි.
නමුත් මැද කාලසීමාවේ තියෙන ගමන්වාර ධාවනය කරන්නේ නොමැති බවත් වසංගතයේ බරපතළ තත්ත්වය තවමත් පැවතීම ඊට හේතුව බවත් සදහන් කරයි.
එමෙන්ම ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමත් සමඟ සංචරණ සීමා ද සඳුදා සිට ලිහිල්වීමට ඉඩ ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.