තම හමුදාවෙන් අඩක් බටහිර දේශසීමාවේ තැබූ බව බෙලරූස් ජනපති කියයි



තම රටෙහි බටහිර දේශසීමාවේ පිහිටි පෝලන්තයෙන් හා ලිතුවේනියාවෙන් එන බලපෑම් හේතුවෙන් සිය හමුදාවෙන් අඩක් එහි රැඳවූ බව බෙලරූස් ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝ පවසනවා.

රුසියන් අගමැති මිහායිල් මිෂුස්තින් සමග කළ සංවාදයකදී ඔහු කියා සිටියේ නේටෝ සංවිධානය බෙලරූස් අසළ සහ එමගින් රුසියාව අසළ තර්ජනාත්මකව හැසිරෙන බවයි.

තවද ග්‍රොද්නෝ නගරය දෙසට එල්ල වන තර්ජනය හේතුවෙන් නගරය සම්පූර්ණයෙන්ම හමුදාවන් මගින් වටකර ආරක්ෂා කරන බව ලුකාශෙන්කෝ කියා සිටියා.

ඔහු දිගින් දිගටම පවසා සිටින්නේ අගෝස්තු 9 වනදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට එරෙහි විරෝධතා මතුව ඇත්තේ පෝලන්තයේ හා ලිතුවේනියාවේ බලපෑම මත බවයි.

Recommended For You

About the Author: Editor