20 ගැන අගමැති පිළිගන්න නිර්දේශ ජනපතිත් පිළිගන්නවා – විමල් වීරවංශ

විසිවන ව්‍යස්ථා සංශෙෘ්ධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ අග්‍රාමාත්‍යවරයා ද පිළිගන්නා ඇතැම් නිර්දේශ පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී සංශෝධනය කරන බවට ජනාධිපතිවරයා ද ආණ්ඩු පක්ෂ කණ්ඩායමට දැනුම් දුන් බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මාධ්‍ය ආයතන ප්‍රධානින් හමු වූ අවස්ථාවේදී ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දක්වමින්ය.

එසේම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්ම් සළකා බැලීමේ අවස්ථාවට එක් වූ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී නව සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග ඊශ්වරන් මහතා කරුණු දක්වමින් එම සංශෝධන අඩංගු ලේඛනය පෙත්සම්කාර පාර්ශ්වය වෙතද ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.

ඒ අනුව අදාළ ලේඛනයේ පිටපත් පෙත්සම්කාර පාර්ශවය වෙතද ලබා දෙන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළේය.

Recommended For You

About the Author: Editor