
කෝවිඩ්-19 හේතුවෙන් පනවා ඇති සීමා තවත් වසරක්වත් පවතිනු ඇතැයි ස්වීඩනයේ මහජන සෞඛ්‍ය ඒජන්සියේ අධ්යක්ෂ ජෙනරාල් යොහාන් කාර්ල්සන් පවසනවා.
“දුර පවත්වාගන්න, ගෙදර සිට වැඩ කරන්න, අත් පිරිසිදුව තබා ගන්න” යන්න ස්වීඩනයේ ප්‍රධාන ම සටන් පාඨය වී තිබෙනවා.
එමෙන්ම කෝවිඩ්-19 හේතුවෙන් පනවා ඇති ඇතැම් සීමා ලිහිල් කිරීමට එරට අවධානය යොමු වී තිබෙනවා.
මේ අතර ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය වැනි ඇතැම් යුරෝපා රටවල කෝවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ යමින් තිබෙන හෙයින් නව සීමා පැණවීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.