මාලි ඉස්ලාමීය ත්‍රස්තයෝ ස්විස් ප්‍රාණ ඇපකාරියක මරා දමති



මාලි රාජ්‍යයේ ක්‍රියාත්මක අල් කයිඩා සංවිධානයට සම්බන්ද ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමක් විසින් ස්විස් ප්‍රාණ ඇපකාරියක මරාදමා තිබෙනවා.

මෙම ඝාතනය පසුගිය මාසයේ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඇය මිෂනාරිවරියක වූ බවට විශ්වාස කෙරෙන අතර 2012 දී ඇයව මුලින් පැහැරගෙන තිබුණා. ඉන්පසු ඇය නැවත මාලි රාජ්‍යයට නොඑන පොරොන්දුව මත නිදහස් කරනු ලැබූ බවයි දැනගන්නට ලැබෙන්නේ. පසුව, 2016 දී ඇය පැහැරගන්නා ලද්දේ ටිම්බක්‍ටු නගරයේදී යි.

මේ අතර ඉතාලි ජාතිකයන් දෙදෙනකු ද ප්‍රංශ කාන්තාවක ද වසර ගණනක් ත්‍රස්තයින්ගේ භාරයේ සිට මෑතකදී නිදහස ලබාගත්තා

Recommended For You

About the Author: Editor