කටාර් රාජ්‍යයේ තුර්කි හමුදා කඳවුර පිළිබඳ එක්සත් අරාබි එමීර් හි අප්‍රසාදය



නොබෝ දිනෙක කටාර් රාජ්‍යයේ තුර්කි හමුදා කඳවුරක් ස්ථාපිත කරනු ලැබුවා.

පන් දහසක හමුදා සේනාංකයක් මෙම කඳවුරේ වනවා. තුර්කි ජනාධිපති රචෙප් තයියෙප් එර්දොවාන් පැවසුවේ මෙය කලාපීය ස්ථාවරත්වය සඳහා ස්ථාපිත කළ කඳවුරක් බවයි.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම අදහස තරයේ ප්‍රතික්ෂේප කළා. එරට විදේශ ඇමති අන්වර් ගර්ගාෂ් පවසා සිටියේ තුර්කියේ මෙම තීරණය ගල්ෆ් කලාපයේ රටවල් ධ්‍රැවීකරණයට හේතුවන බවයි.

කටාර් රාජ්‍යය සමග සෞදි අරාබිය්, එක්සත් අරාබි එමීර් ආදී රටවල් කිහිපයක් වසර කිහිපයක තිස්සේ රාජ්‍යතාන්ත්‍රික ගැටුමක මැදිව සිටිනවා. මේ අතර තුර්කිය සහ කටාර් අතර සම්බන්ධය පසුගිය වසරවල වඩා සවිමත් වුණා.

Recommended For You

About the Author: Editor