රුසියාවේ දෙවන කෝවිඩ්-19 එන්නත ලියාපදිංචි කරයි



රුසියාවේ රාජ්‍ය වෛරස් රෝග සහ ජීව තාක්ෂණ ආයතනය හෙවත් වෙක්ටර් ආයතනය විසින් නිපදවන ලද EpiVacCorona කෝවිඩ්-19 එන්නත ලියාපදිංචි කළ බව ජනාධිපති ව්ලදිමීර් පුටින් කියා සිටියා.

එමෙන්ම ඔහු සඳහන් කළේ චුමාකෆ් (Chumakov) ආයතනය විසින් නිපදවනු ලබන තුන්වන එන්නතක් ද ඉදිරියේදී ලියාපදිංචි කෙරෙන බවයි.

EpiVacCorona කෝවිඩ්-19 සඳහා රුසියානුවන් නිපදවූ දෙවන එන්නතයි. මීට පෙර, අගෝස්තු 11 වනදා, ගමෙල්යා ආයතනය විසින් නිපදවූ එන්නත වන ස්පුත්නික්-V ලියාපදිංචි කෙරුණා.

EpiVacCorona එන්නත තමන් ලබාගත් බව උප අගමැතිණි තත්යානා ගලිකෝවා පවසනවා. ඇය පවසන්නේ ඇයට මෙතෙක් අතුරු ආබාධ කිසිවක් නොවන බවයි. එමෙන්ම එය පරික්ෂණයට ස්වෙච්ඡාවෙන් එක්වූ අන් කිසිවකුට ද එයින් මෙතෙක් අතුරු ආබාධ ඇති නොවූ බව ඇය කියා සිටියා.

මෙය පරික්ෂාවට ලක් කරන්නන් අතර වයස අවුරුදු 60 ඉක්මවූ 150 දෙනෙකුද වනු ඇතැයි ඇය කියා සිටියා. රුසියාව මීට පෙර ද සඳහන් කර තිබුණේ නව එන්නත වයෝවෘද්ධ අය උදෙසා ස්පුත්නික්-V එන්නතට වඩා සුදුසු බවයි.

Recommended For You

About the Author: Editor